ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට තර්ජනය කළ බවට වූ චෝදනාවට ගාල්ල මහ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කිරීමේ වෛද්‍ය වැඩවර්ජනය බලවත් අසාධාරණයක් බව ගාල්ල ගාල්ල මහ නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා අවධාරණය කරනවා.
මෙම සිද්ධිය සම්බන්ධව මහ නගරාධිපතිවරයාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ නගරාධිපතිවරයා තමා අත්අඩංගුවට ගත හැකි වරදක් කර ඇත්නම් තමා ඊට ඕනෑම අවස්ථාවක සූදානම් බව පැවසීය. එහෙත් පොලීසිය පවසා ඇත්තේ වෛද්‍යවරයා කර ඇති පැමිණිල්ල අනුව නගරාධිපතිවරයාට එරෙහිව පැමිණිල්ල සමථ මණ්ඩලයට ඉදිරිපත් කළ හැකි බවයි.
මේ නිසා මෙය වෛද්‍ය වැඩවර්ජනයකින් විසඳාගත නොහැකි ගැටලුවක් බවද නගරාධිපතිවරයා මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.