2012-09-22

ෆොන්සේකාට එරෙහි වූ ෆෙඩ්රිකාට සන්ඩේලීඩරුත් එරෙහි වෙලාලු


සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් එම පුවත්පතේ කර්තෘත්වයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා. නව පරිපාලනය විසින් තමාට ආණ්ඩුවට පක්ෂව කටයුතු කරන ලෙස දැනුම්දුන් බවත් එය තමාගේ ප්‍රතිපත්ති සමග නොගැලපෙන බවත් ඇය පවසනවා. කෙසේ වෙතත් නව පරිපාලනය සමග පෑහී කටයුතු කළ නොහැකි බැවින් තමා කර්තෘත්වයෙන් ඉවත් කළ බව ඇය අවධාරණය කර සිටිනවා. 
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකාට එරෙහි සුදු කොඩි නඩුවේ තීරණාත්මක සාක්ෂිකාරියක ලෙස පෙනී සිටි ෆෙඩ්රිකා ජෑන්ස් මේවන විට රැකියාවෙන් ඉවත්කිරීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.