ජංගම දුරකන සිම්පත් වෙනත් අයට භාවිතයට දීමෙන් සිදුවන සමාජ විරෝධී ක්‍රියාවන්ට අනුබල දෙන්නන් වහාම අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසනවා. පසුගියදා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්වී බන්ධනාගාරය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන සිම් පත් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී වෙනත් පුද්ගලයන්ට අයත් සිම්පත් උපයෝගී කරගෙන කප්පම් ඉල්ලීම්, බියවැද්දීම් මෙන්ම කාන්තාවන් බොහෝ පිරිසකට කළ උසුළු විසුලු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.
තම දුරකථනය හෝ දුරකථන සිම්පත නැති වූ වහාම එම දුරකථන සමාගම හා සම්බන්ධ වී එය වහා විසන්ධි කිරීමට කටයුතු කළ යුතුව ඇතැයිද එසේ නොකරන අවස්ථාවල එම සිම්පත් උපයෝගී කරගෙන යම් සමාජ විරෝධී ක්‍රියාවක් වෙනත් පුද්ගලයකු කළත් එය වක්‍රාකාරයෙන් දුන් අනුබලයක් ලෙස සලකා සිම්පත හිමිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.