2012-09-28

ජුලම්පිටිය අමරේ ඇතුළු සැකකරුවෝ යළි රිමාන්ඩ්


කටුවන ප්‍රදේශයේ පැවැති ජනතා විමුක්‌ති පෙරමුණේ රැස්‌වීමකට කඩාවැදී වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්‌ සිදුකිරීමේ නඩුවේ සැකකරුවන් වන ජුලම්පිටියේ අමරේ ඇතුළු තිදෙනා තවදුරටත් ඔක්‌තෝම්බර් 11 වැනිදා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට වලස්‌මුල්ල මහේස්‌ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා නියෝග කළේය. ඊයේ (27 වැනිදා) පෙරවරුවේ සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්‍ෂක රැකවල් මත අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී සිට නැත. කටුවනදී සිදුකළ මෙම වෙඩිතැබීමෙන් කටුවන පදිංචි එදිරිමාන්නගේ මාලනී නමැති තිදරු මවක්‌ සහ ජයසේකර පතිරණගේ නිමන්ත නමැති 18 හැවිරිදි තරුණයෙක්‌ මියගියහ. මීළඟ නඩු විභාගය ඔක්‌තෝබර් මස 11 වැනිදින දක්‌වා කල් තැබිණි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.