2012-09-28

මත් රකුසාට කැමැති - මඬිනවාට අකමැති ගම්මානයක්


නීති විරෝධී කසිප්පු ස්කාගාර වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට ගම්වාසීන් විසින් බාධා කිරීම නිසා හලාවත මැරවල ප්‍රදේශය තුළ අද අලුයම දැඩි නොසන්සුන්තාවයක් ඇති වුණා.
හලාවත මැරවල දුපතේ කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන යන කසිප්පු ස්කාගාර විවිධ නීථිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් වටලනු ලබයි. මේ අතර 28 වැනිදා අලුයම 5ට පමණ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 40 දෙනෙකු පමණ මැරවල ගම්මානයට කඩා වැදී අදාළ වැටලීමට යාමට සූදානම් වී ඇත. ඒ සමගම කසිප්පු නිෂ්පාදනයට සම්බන්ධ බව කියන පුද්ගලයින් සිව් දෙනෙකුව වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ සමගම කුපිත වූ ගම්වාසීන් පොලිස් නිලධාරීන් පැමිණ වාහන වටලා ඔවුන්ගේ ගමන් මග හරස් කරමින් නොසන්සුන් ලෙස හැසිරී ඇත. පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහැර ඇති පොලිස් නිලධාරීන් ආපසු හලාවත පොලීසිය වෙත ගොස් ඇත.
පොලිස් නිලධාරීන් විසින් තමන්ට පහර දුන් බවට පවසමින් පුද්ගලයින් 04 දෙනෙකු මේ  වන විට හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.
නමුත් තමන් හෝ තම නිලධාරීන් කිසිවෙකුටත් පහර නොදුන් බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී කිසියම් පොර බැදීමක් සිදුවීමට ඉඩ ඇති බව අප කරන ලද විමසුමකදී වලාන දූෂණ මර්දන ඒකකයේ උසස් නිලධාරියෙක් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.