2012-10-06

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයටත් හදිසි මාරුවක් ලැබෙන ලකුණු


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධුරය දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීල නීතීඥ අජිත් රෝහණ මහතා එම ධුරයෙන් ඉවත් කොට නව මාධ්‍ය ප‍්‍රකාශකවරයෙකු පත් කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා. 
කලක් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධුරය දැරූ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයට ගොස් සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා නැවත මෙරටට පැමිණ ඇති බැවින් ඔහුට නැවත එම ධුරය ලැබෙනු ඇතැයිද තොරතුරු වාර්තා වනවා.
අජිත් රෝහණ මහතා අම්පාර දිසාව බාර පොලිස් ප‍්‍රධානියා ලෙස පත් කිරීමට නියමිත බවද වාර්තා වනවා.
උපුටා ගැනීම LankaCnews

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.