2012-11-10

භාරත ඝාතනයේ සැකකාරුවෙකු වෙඩි ප්‍රහාරයක්


පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිදුවූ දුමින්ද-භාරත ගැටුමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කරගෙන සිටින බව කියන කොළඹ බොරැල්ල සර්පන්ටයින් පාරේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ ජීප් රථයට වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කොට පලාගොස් තිබෙනවා.
එම සිද්ධියට මැදි වූ දේවගේ තුෂිත චාමර නොහොත් තිලාන් නමැති ව්‍යාපාරිකයා පැවැසුවේ තමා ඇතුළු පවුලේ පිරිස අනුරාධපුර ප‍්‍රදේශයේ විහාරස්ථානයක කඨින පින්කමක් සඳහා ගොස් රාතී‍්‍ර කොළඹට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි. ඔහුගේ ජීප් රථයට වෙඩි පහරවල් 3ක් පමණ වැදී ඇති අතර එම අවස්ථාවේ ඔහුගේ බිරිය තම දරුවාට කිරි පොවමින් ජීප් රථයේ සිටි බවද ඔහු සඳහන් කළේය.
ජීප් රථයට එල්ල වූ වෙඩි පහරකින් පසුපස තබා තිබූ කිරිපිටි ටින් එකකටද වෙඩි වැදී තිබූ බවත් එම වෙඩි පහරවලින් තමාල බිරිය සහ දරුවා බේරුණේ පූරුවේ වාසනාවට බවද පැවැසීය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.