2012-11-10

එස්.බී.ගේ මල්ලිගේ බිරියගෙන් පොලීසියට පැමිණිල්ලක්


වස ශරීර ගතවීමෙන් අද උදෑසන රෝහල් ගත කෙරුණු මධ්‍යම පළාත් සභාවේ සභාපති සාලිය දිසානායක මහතාට එරෙහිව ඒ මහතාගේ බිරිඳ මහනුවර පොලීසියට ඊයේ පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ සාලිය දිසානායක මහතාගෙන් අඩත්තේට්ටම්, පහරදීම් සහ ගිනි අවි පෙන්වා බිය ගැන්වීම් ද සිදුවන බවටයි. එයින් ඇති වූ සිත් තැවුලෙන් ඒ මහතා වස පානය කරන්නට ඇතැයි ආරංචි පැතිර යනවා.
මේ අතර ඒ මහතා දැනට ප‍්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේ බවයි මහනුවර මහ රෝහලේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ. කෙසේවෙතත් වස පානය කළේද නැතහොත් වෙනත් ක‍්‍රමයකින් ශරීර ගතවුයේ දැයි මෙතෙක් තහවුරු කළ නොහැකි බවද ඔහු කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.