2012-11-13

කහවත්ත ඝාතනවල පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන්ට ස්ථාන මාරු


රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් පද්මසිරි ගාල්ලට ද කහවත්ත පොලිස් ස්ථානාධිපති නිරන්ජන් අබේවර්ධන පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයට ද මාරු කරනු ලැබ තිබෙනවා. කොටකෙතන පොලිස් මුරපොළ භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා ද කොටකෙතන ඝාතන සම්බන්ධ පරීක්ෂණ පැවැත්වමට කොළඹ අපරාධ කොට්ඨාශ ඒකකය කහවත්තට යවන ලද රොහාන් ඕලුගල මහතා ද කොළඹට කැඳවා ඇත.
මේ සිව්දෙනාම කහවත්ත ඝාතන සම්බන්ධ පරීක්ෂණ කරමින් සිටි නිලධාරීන් වනවා. කහවත්ත ඝාතන ගැන පරීක්ෂණ පවත්වමින් සිටි පොලිස් නිලධාරීන් මීට පෙර ද මාරු කරනු ලැබූහ. ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා රත්නපුරයට මාරු කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.