සිවිල් ආරක්ෂක භටයෙකුගේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටිනවා. හොරොව්පතාන දෙමටවැව ප‍්‍රදේශයේදී ඊයේ සවස හයට පමණ එම වෙඩි තැබීම සිදු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. තුවාල ලැබූ පුද්ගලයා දෙමටවැව ප‍්‍රදේශයේම පදංචි ජයලත් පේ‍්‍රමසිරි නමැත්තෙක්. ප‍්‍රතිකාර සඳහා ඔහු මුලින්ම ඇතුළත් කෙරුණේ කහටගස්දිගිලිය රෝහලටයි. අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුට ශල්‍යකර්මයක්ද සිදු කර තිබෙනවා. වෙඩි තැබීමට හේතුව පෞද්ගලික ආරවුලක් බවයි සැක කෙරෙන්නේ. සැකකාර සිවිල් ආරක්ෂක භටයාද වෙඩි තැබීමට යොදා ගැනුනු ගිනි අවියද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2012-11-14
සිවිල් ආරක්ෂක භටයකුගේ තුවක්කුවෙන් පෞද්ගලික පළිගැනීමක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.