2012-12-04

අගවිනිසුරුවරිය දෙවන වරටත් අද තේරීම් කාරක සභාව හමුවට


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වීමට නියමිතව තිබෙනවා. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේල අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද පෙරවරුවේ කාරක සභාව හමුවේ පෙනී සිටින බවයි.
ඒ අතර අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභා‍ගය අතරතුර අධිකරණයට එල්ල වන අසත්‍ය ප්‍රචාර නතර කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට විනිසුරුවරුන් තීරණය කර තිබෙනවා.
කොළඹ උපරිමාධිකරණ සංකිර්ණයේදි ඊයේ රැස් වූ මහේස්ත්‍රාත්වරුන් දිසා විනිසුරුවරුන් සහ මහාධිකරණ විනිසුරුවරන් මෙම තීරණයට එළැඹි බව ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයාට සහ කතානායකවරයා‍ ‍වෙත මෙම ඉල්ලිම භාරදිමට ද එහිදී විනිසුරුවරුන් තීරණය කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.