ජනතාවට රනින් සැරසී නොබියව මහ මඟ ගමන් කළ හැකි වාතාරවරණයක් තම රජයක් තුළින් බිහි කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති 54 වන පක්ෂ සම්මේලනය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා. එක්සත් ජාතික පක්ෂ නායකයාගේ ධුර කාලය වසර 06 කින් දීර්ඝ කරගැනීමේ යෝජනාව මෙහිදී බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනුණා. පැමිණ සිටි පිරිසෙන් 4978 දෙනෙකු එම යෝජනාවට පක්ෂවද 337 දෙනෙකු විපක්ෂවද ඡන්දය ලබා දුන්නා. යෝජනාව සම්මත කර ගැනීමට සූදානම් වූ අවස්ථාවේ නැගී සිටි නියෝජ්‍ය නායක
සජිත් පේ‍්‍රමදාස මහතා එම යෝජනාවට සිය විරෝධය පළ කළේ මෙලෙසයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පක්ෂ නායකයා ඉදිරිපත් නොවන්නේ නම් ඊට ඉදිරිපත් වීමට තමන් සූදානම් බවයි සජිත් පේ‍්‍රමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළේ.
පක්ෂයේ නව රැඩිකල් යෝජනා මාලාවද සම්මත කරගැනීම සඳහා සමුලූවට ඉදිරිපත් කෙරුණා. අදාළ යෝජනා සම්මත කරගැනීම සඳහා පැවති ඡන්ද විමසීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහෙයවනු ලැබූවේ මෙලෙසයි.
යෝජනා සම්මත කරගැනීමෙන් අනතුරුව සමුලූව ඇමතූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා.
එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ රටේ බහුතර ජනතාවට සහන සැළසීමට පියවර ගන්නා බවද විපක්ෂ නායකවරයා කියා සිටියා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.