බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානය ඉදිරියේදී අද (14)පමණ වස පානය කළ 27 හැවිරිදි පුද්ගලයෙකු බදුල්ල පොලිසිය විසින් වහාම රැගෙන ගොස් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළේය. මුතියංගනය වන්දනා මාන කිරීමෙන් පසු පාරට එමින් මේ පුද්ගලයා පිළිබඳව විමසිල්ලෙන් සිටි බදුල්ල පොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙකු එකවරම මොහු වසබෝතලයක් කටේ හලා ගන්නවා දැක ඇත. වහාම ක්රියාත්මක වූ බුද්ධි අංශ නිලධාරියා මොහු අල්ලාගෙන බදුල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට බාරදීමෙන් පසු බදුල්ල මහ රෝහලට රැගෙනගොස් තිබේ. මොහු කුරුණෑගල පදිංචි පොල්වත්තේ දොන් නුවන් තුසිත නමැත්තෙකු බව ලඟ තිබූ හැඳුනුම්පතෙහි සඳහන් වන බව පොලිසිය කියයි. මොහුගේ තත්වය බරපතල බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
2012-12-14
මුතියංගණය වැදලා - වසත් බීලා - බුද්ධි අංශයේ පිහිටෙන් රෝහලට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.