කළුබෝවිල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු අද (14දා) උදේ එම රෝහල් ගොඩනැඟිල්ලක පස්‌වැනි මහලෙන් බිමට පැන මියගොස් ඇති බව වාර්තා වනවා. මෙසේ මියගොස් ඇත්තේ පයාගල වේල්ල හන්දියේ පදිංචිව සිටි ගුණසිරි පීරිස් නමැති 34 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයා මීට කලකට පෙර ධාවනය වෙමින් තිබූ දුම්රියකින් පැනීමෙන් බරපතළ තුවාල ලැබ රෝහලේ 25 වැනි වාට්‌ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයකු බව ද රෝහල් ආරංචි මාර්ග අනාවරණ කරනවා.
රෝගියා උඩු මහලෙන් පැන්නාද නැතහොත් වැටුණාද යන්න පිළිබඳව කොහුවල පොලිසිය පරීක්‍ෂණ සිදුකරන අතර නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් සුනීතා නානායක්‌කාර මහත්මිය සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.