මෙරට ජනගහනයේ ආයු අපේක්ෂිත කාලය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ඒ අනුව කාන්තාවකගේ වයස අවුරුදු 78 දක්වාත් පිරිමින්ගේ වයස අවුරුදු 76 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි හෙළිව තිබෙන්නේ. පසුගිය වසරේදී මෙම වයස් සීමාවන් පිළිවෙලින් 74 සහ 71 දක්වා පැවති බවද සමීක්ෂණ වාර්තා තහවුරු කර සිටිනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව තිබෙන සංවර්ධනයත් සමඟ සමහර බෝවන රෝග රට තුළින් ඉවත් කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමු වීම හා ප්‍රතිශක්ති කරන වැඩ සමගින් සියයට සියයකින් ඉහළ යාම මෙම ආයු අපේක්ෂාව ඉහළ නැංවීමට හේතුවී ඇති බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා. දැනට මෙම ඉලක්කය සපුරා ඇත්තේ ජපානය, චීනය, ඇමරිකා එක්සත් ජනපදය වැනි සංවර්ධිත රටවල් පමණි.
2012-12-15
ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව ආයෙත් වැඩි වෙයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.