2012-12-07

තරාතිරම කුමක් වුවත් නීතිය ඉදිරියේ හැමෝම සමානයි


කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවද නීතිය ඉදිරියේ සමාන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කුමන නිලධාරියෙකු වුවද වරදක් කර ඇත්නම් දඬුවම් ලැබිය යුතු බවයි. තමා කිසිවෙකුගෙන් පළිගන්නා පුද්ගලයෙකු නොවන බවත්, සැමවිටම අධිකරණය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පවසනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ජනතාවගේ පහසුව උදෙසා විවිධ මාදිලියේ අලෙවිසල් රැසක් ඇතුළත් කර වැලිපැන්නේ ඉදිකර ඇති ‘‘කැනෝවින් ආර්කේඞ් ’’ ගිමන්හල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. කිසිදු පුද්ගලයෙකුට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් වී ඇත්නම් එ් පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. එම ක‍්‍රමවේදයට අනුකූලව කටයුතු කිරීමේදී රජයට චෝදනා එල්ල වීම සාමාන්‍ය කරුණක් බවට පත්වී තිබෙනවා. ජනතා බලය උදුරා ගැනීමට කිසිවෙකුටත් අවස්ථාවක් උදා වන්නේ නැහැ. ජනතා ශක්තිය තිබෙන තුරු සංවර්ධන ගමන ආපස්සට හැරවීමට නොහැකි බවද මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.