2012-12-07

සේවක වර්ජනයෙන් දුම්රිය ගමනාගමනයට බාධා


දුම්රිය සේවකයන් මේ වන විට සංකේත වැඩවර්ජනයක නිරතව සිටිනවා. මේ හේතුවෙන් දුම්රිය ධාවනය බිඳ වැටී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බළධාරීන්ගෙන් යහපත් ප‍්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය සේවකයන් පැය 24 ක සංකේත වැඩවර්ජනය ආරම්භ කළා. දුම්රිය වෘත්තිය සමිති එකමුතුවේ සාමාජික දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති කේ.වී. ජයසේන මහතා පැවසුවේ ඉදිරියේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සැළකිල්ලට ගෙන අඛණ්ඩ වර්ජනයක නිරත නොවන බවයි. 
දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම්  කිහිපයක් වෘත්තිය සමිති විසින් දීර්ඝ කාලයක් තිස්සේ රජයට ඉදිරිපත් කරමින් සිටිනවා. ඊට ප‍්‍රතිචාර නොලැබුණු හෙයින් පසුගිය අඟහරුවාදා මධ්‍යම රාත‍්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමටයි දුම්රිය වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබුණේ. එහෙත්, ප‍්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම වර්ජනය පැය 48 කින් කල් දැමුණා. කෙසේවෙතත් අදාළ කාලසීමාවේදී තමන්ට බලධාරීන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බවයි දුම්රිය වෘත්තිය සමිති එකමුතුව පැවසුවේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.