2013-01-24

බාල වයස්කාර දරුවෙකුට ලිංගික අපයෝජන කළ අයෙක් 12වසකට හිරේට


අවුරුදු 03ක් වයසැති පිරිමි දරුවෙකු වරින් වර බරපතල ලෙස අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අනුරාධපු මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවෙකුට උතුරුමද පළාත් මහාධිකරණය අද සිරදඬුවම් නියම කළා. මහාධිකරණ විනිසුරු සුරංග කුමාර රත්නායක මහතා විත්තිකරුට වසර 12ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඊට අමතරව පැමිණිලිකාර පාර්ශ්වයට මුදලින් රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කෙරුණා. එය පැහැර හරින්නේ නම් තවත් වසරකින් සිරදඬුවම දීර්ඝ කරන බවයි මහාධිකරණ විනිසුරුවරයා ප‍්‍රකාශ කළේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.