2013-01-24

වනජීවි නිලධාරීන්ගෙන් පහර කෑ දූෂණ මර්දන නිලධාරීන් තවමත් රෝහලේ


වනජීවී නිලධාරීන්ගේ පහරකෑමට ලක්වූ වළාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින් දෙදෙනා හා මගපෙන්වන්නන් දෙදෙනා තවදුරටත් තණමල්විල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. ඔවුන් සිව්දෙනා පහරකෑමට ලක්වූයේ උඩවලව - ගල්අමුණ ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කළ ගංජා වැටලීමකදීයි. කෙසේ වෙතත් මෙම මෙහෙයුම දියත් කළේ පොලිස්පතිවරයාගේ ද උපදෙස් මත බවයි වාර්තා වන්නේ
මේ අතර අදාළ ප‍්‍රදේශයේ එම මෙහෙයුම තවදුරටත් කි‍්‍රයාත්මක වන බව ද වාර්තා වනවා. එහිදී ගංජා අක්කර 11ක පමණ ප‍්‍රදේශයක් හඳුනාගෙන ඇති අතර, ඉන් කිහිපයක් ගිනා තබා විනාශ කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.