2013-01-20

ටිකට් නැතිව හොරෙන් ගියවුන්ගෙන් ලක්ෂ දොළහක දඩ අය කලාලු


පසුගිය වසර තුළ ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිව ලංගම බස් රථවල ගමන් ගත් මගීන්ගෙන් රුපියල් 12,25,918ක දඩ මුදලක් උපයා ගත් බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. ලංකා ගමන මණ්ඩලයේ උප සභාපති එල්.ඒ විමලරත්න මහතා පැවසුවේ ප‍්‍රවේශපත් නොමැතිව ගමන් ගත් මගීන් 5569 දෙනෙකුගෙන් මෙම දඩ මුදල අය කර ගත් බවයි. 2012 වසර තුළ අවස්ථාවන් එක්ලක්‍ෂ 32,156කදී පරික්‍ෂාවට ලක් කර තිබෙනවා. එම වැටලීම්වලදී ප‍්‍රවේශ පත‍්‍ර වංචා කළ කොන්දොස්තරවරුන් 1380 දෙනෙකු ද හසුවු බවයි ලංගම උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.