මත්කුඩු වෙනුවට භාවිත කරන තහනම් ඖෂධ වර්ගයක් අලෙවි කළ බව කියන වෛද්‍යවරයෙකු මීගමුව කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර වෛද්‍යවරයා මෙම ජාවාරම කර ඇත්තේ මත්කුඩු භාවිත කරන්නන්ට ප‍්‍රතිකාර කරන මුවාවෙන්. ඇතැම් තරුණයන් මත්ද්‍රව්‍ය ලෙස භාවිත කරන ඖෂධ වර්ගයක් කිසිඳු රෝග විනිශ්චයකින් තොරව ලබා දෙන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. පොලිස් උපාය දූතයෙකු තහනම් ඖෂධ මිලදී ගැනීමට යොදවා සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බවයි මීගමුව කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය පැවසුවේ. එහිදී රුපියල් 17,500ක මුදලකට තහනම් ඖෂධ තොගයක් සැකකාර වෛද්‍යවරයා විසින් පොලිස් උපාය දූතයා වෙත ලබා දී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණේ මීගමුව, කිඹුලාපිටිය පාර ප‍්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු වන අතර ඔහු මීගමුව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
2013-01-20
තහනම් බෙහෙත් විකිණු මීගමුවේ වෙදා කොටුවෙයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.