2013-01-20

තැපැල් විදුලි පණිවුඩ සේවාවටත් කණ කොකා හඬන දිනය වැඩි ඈතක නෙවෙයිලු


ටෙලිග‍්‍රෑම් හෙවත් තැපැල් විදුලි පණිවුඩ සේවාව ලගදීම අහෝසි වනු ඇතැයි තැපැල් සේවා අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා. එම ආරංචි මාර්ග අනාවරණ කළේ පෙබරවාරි මාසයෙන් පසු එම සේවාව නතර කෙරෙනු ඇති බවයි. විදුලි පණිවුඩ සේවාව මගින් දිගින් දිගටම පාඩු ලැබීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා. ඒ අනුව විදුලි පණිවුඩ සේවාවේ නිලධාරීන් 1400ක් පමණ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදා හැරීමේ කටයුතුවලට අනියුක්ත කිරීමට නියමිතයි. මේ පිළිබඳ නෙත් නිවුස් තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසුවේ එක් විදුලි පණිවුඩයකින් ලැබෙන ආදායම රුපියල් 05කටත් වඩා අඩු බවයි. එහෙත් එක් විදුලි පණිවුඩයක් වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය රුපියල් 250කට ආසන්න බව ඔහු පෙන්වා දුන්නා. කෙසේ වෙතත් අදාල සේවාව අත්හිටුවීම ටෙලිකොම් ආයතනයේ තීරණ අනුව සිදුවන්නක් බව ද තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.