ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් පතක් භාවිත කරමින් මුදල් ලබාගත් ශ‍්‍රී ලාංකිකයකු බෲනායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට මාධ්‍ය අද වාර්තා කළේ බෲනායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ටික වේලාවකින් මෙලෙස මුදල් ලබාගෙන ඇති බවයි. ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් පතක් භාවිත කරමින් පුද්ගලයකු මුදල් ලබාගෙන ඇතැයි අදාළ බැංකු විසින් බෲනායි පොලිසියට දැනුම් දීමත් සමග ඔවුන් සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර ද මෙම සැකකරු විසින් අවස්ථා කිහිපයකදී ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් පත් භාවිත කරමින් මුදල් ලබාගෙන ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා. මෙවර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ CCTV කැමරා පද්ධතියේ සටහන් වී තිබූ දර්ශන ද උපයෝගී කරගනිමින්. සැකකරු සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණකයක්, ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් කිහිපයක් ද සොයාගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.
2013-01-31
ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පතකින් මුදල් ගත් ශ්‍රී ලාංකිකයකු බෲනායි පොලිස් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.