දැඩි පිළිස්සුම් තුවාල ලබා යාපනය දුම්රිය මාවතේ වැටී සිටි යාපනය සරසවියේ සිසුවියක් අද පෙරවරුවේ රෝහල් ගතකර තිබෙනවා. එම සරසවියේ කලා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන 22 හැවිරිදි එස් තුල්ෂිකා නමැති සිසුවියක් මෙලෙස බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. එහෙත්, ඇය පිළිස්සුම් තුවාල ලැබුවේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. ඇයගේ තත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග කියා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ මෙහෙය වනවා.
2013-01-26
යාපන විශ්වවිද්‍යාලයේ කලා පීඨ සිසුවිය පිළිස්සුම් තුවාල ලබා රෝහලට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.