සීගිරිය අභයභූමියේ රාමකැලේ සමනළුන් සහ බත්කූරන් අල්ලමින් සිටි හංගේරියන් ජාතිකයන් දෙදෙනකුට එක් අයකුට රුපියල් 65000 බැගින් දඩ ගෙවන ලෙස දඹුල්ල මහේස්ත්රාත් එස් ජේ මොරවක මහතා නියෝග කර තිබෙනවා. ඔයැක් සැන්ඩෝ ටිබෝර් සහ ඔයැක් සැන්ඩෝ ටිබෝමි යන දෙදෙනාට දඩ නියම වුණා.
සීගිරිය වන ජීවි නිලධාරීනට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී කෘමීන් අල්ලන අතංගු දෙකක් ද සමනළුන් සහ බත්කූරන් සමූහයක් ද සොයාගෙන තිබෙනවා. ප්රශ්න කිරීමේදී විදේශිකයන් කියා ඇත්තේ විවිධ රටවල සමනළුන් සහ තවත් කෘමි සතුන් පිළිබඳව පොතක් ලියන බවත්, ඒ සඳහා මෙම ක්රියාව සිදු කළ බවත්ය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.