බස්නාහිර සහ දකුණු පළාත් සභා ජන්ද විමසීමට අදාළව අනවසර ප්‍රචාරක කාර්යාල ඉවත් කිරිම අද (20) ආරම්භ කළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ නිසි අවසර පත්‍රයක් නොමැතිව පවත්වාගෙන යන ප්‍රචාරක කාර්යාල මෙලෙස ඉවත් කරන බවයි.
බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීමට අදාළව අනවසර ප්‍රචාරක කාර්යාල ස්ථාපිත කර ඇත්ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.
පසුගිය 17වනදා සිට දින තුනක කාලයක් ක්‍රියාත්මක කළ එම මෙහෙයුමේදි ප්‍රචාරක කාර්යාල 300ක් පමණ පරීක්ෂා කළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.
කෙසේ වෙතත් අපේක්ෂකයින් වැඩි පිරිසක් නීත්‍යානුකූල ආකාරයෙන් සිය ප්‍රචාරක කාර්යාල පවත්වාගෙන යන බවට එහිදී අනාවරණය වු බවයි මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ.
මේ අතර බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීමට අදාළව පුද්ගලික බස් රථ වල සහ ත්‍රිරෝද රථ වල අලවා ඇති මැතිවරණ ප්‍රචාරක ස්ටිකර් ඉවත් කිරිම ඊයේ (19) දිනයේ සිට ආරම්භ කළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.