රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සහ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් දරණ සියලූ වියදම් රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජන ලෙස රජය සලකන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සඳහා ඉතිහාසයේ වැඩිම වැඩ කොටසක් ඉටුකළේ වත්මන් රජය බවයි ජනාධිපතිවරයා පැවසුවේ. නුවරඑළිය රෝහලේ මහල් 06 කින් සමන්විත නව ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවට අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද නුවරඑළියේ ඉදිකිරීමට යෝජිත අභ්‍යන්තර ගුවනතොටුපොළ පිහිටි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.