ඇඹිලිපිටිය මූලික රෝහලේ ශල්‍ය සහ කායික යන වාට්ටු වල පැවති උග්‍ර තදබදය නිමාකරමින් නව වාට්ටු ගොඩනැගිලි දෙකක් පසුගිය 15 වනදා ජනතා අයිතියට පත් කෙරුණා. ඇඹිලිපිටිය මූලික රෝහල සබරගමුව පළාතේ දැඩි තදබදයක් පැවති රෝහලක් ලෙස සැලකෙනවා. එම රෝහලේ නේවාසික රෝගීන් 360 ක් සඳහා ඉඩකඩ පැවතියද පවත්නා පහසුකම් අවශ්‍යතාවන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවීය. පැවති ශල්‍ය වාට්ටුවේ ඇඳන් සංඛ්‍යාව 27ක් වුවද දිනකට එහි නේවාසික රෝගීන් සංඛ්‍යාව 90 ඉක්මවන බව රෝහල් අධ්‍යක්ෂක අනෝජ රොද්‍රිගු මහතා පවසනවා.
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රීක්කයේ පමණක් නොව යාබද ඌව, දකුණ යන පළාත්වල මොණරාගල, හම්බන්තොට, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රීක්කවල රෝගීන් ද මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනෙනවා.
මෙවර පළාත් සභා මැතිවරණයෙන් පසු පළාත් සෞඛ්‍ය අමාත්‍ය ධූරය තම අමාත්‍යංශය යටතට පැවරුණු පසු මහ ඇමති මහීපාල හේරත් මහතා පසුගිය නොවැම්බර් 12 වන දින ඇඹිලිපිටිය රෝහලේ අඩුපාඩු සොයාබැලීමට ගිය අතර එහිදී ඔහුට දක්නට ලැබුනේ පැවති දැඩි තදබදය නිසා ඇතැම් වාට්ටුවක එක් ඇඳක රෝගීන් තිදෙනෙකු හෝ ඊට වැඩිදෙනෙකු දුෂ්කරතා රැසක් මැද ප්‍රතිකාර ලබන බවයි.
ඇතැම් වාට්ටුවක ආලින්දයේ පවා රොගීන් වැතිර සිටින අයුරුද මහ ඇමතිවරයාගේ නෙත ගැටිණි. මීට විසඳුමක් වශයෙන් නව වාට්ටු දෙකක ඉදිකිරීම් වහා ආරම්භ වූ අතර පසුගිය 15 වනදා මහ ඇමති මහීපාල හේරත් මහතා අතින් එම නව වාට්ටු දෙක ජනතා අයිතියට පැවරුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.