2013-01-21

දික්ඕවිට වරායත් විකුණලා


දික්ඕවිට ධීවර වරායේ ඇතැම් කොටස් රහසිගතව පෞද්ගලික සමාගම්වලට බදු දී ඇති බව වාර්තා වනවා. විශේෂත්වයක් වන්නේ එසේ කර තිබෙන්නේ එම ධීවර වරාය විවෘත කිරීමට ද පෙරාතුව වීමයි. ඊට අදාළ ගිවිසුම වසර 10 කට වලංගු වන අතර මාසික බද්ද රුපියල් 75,000 ක්. බදු ගත් සමාගම වන්නේ ලංකා අයිස් කම්පැණි පුද්ගලික සමාගමයි. ඔවුන් සහ ධීවර අමාත්‍යංශය අතර ඉකුත් වසරේ ජනවාරි 31 වනදා සහ මැයි 21 වනදා යන දාතමින් ලිපි හුවමාරු වී තිබෙනවා. ලංකා අයිස් කම්පැණි පුද්ගලික සමාගම විසින් බදු ඉල්ලීම කර තිබෙන්නේ ජනවාරි 21 වනදායි. ධීවර අමාත්‍යංශය මැයි 21 වනදා ඊට අනුමැතිය දී තිබෙනවා. 
මේ අතර දික්ඕවිට ධීවර වරාය ධීවරයන් වෙනුවෙන් විවෘත කෙරුණේ ඉකුත් සිකුරාදායි. 
මේ අතර චීන ආධාර යටතේ ඉදිකෙරුණු මෝදර ධීවර වරායද පෞද්ගලික ආයතනයකට බදු දී ඇති බව වාර්තා වනවා. එම ධීවර වරාය එලෙස බදු දී ඇත්තේ නැවියන් පුහුණු කරන ආයතනයකටද බවද ඊට අදාළ ගිවිසුමේදී විෂයභාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද නොමඟ යවා ඇතැයිද තොරතුරු අනාවරණ වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.