2013-01-26

ඇමැති එස්.බී. සරසවි සිසුන්ගෙන් සමාව අයදියි


2011 වර්ෂයේ උසස් පෙළ සමත් වු සරසවි ප‍්‍රවේශයට වරම් ලැබූ සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමේදී සිදුවූ ප‍්‍රමාදය ගැන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සිසුන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. අමාත්‍යවරයා පැවසුවේ සුදුසුකම් ලැබූ සියලූදෙනා ලබන මාර්තු 27 වනදා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා බවයි. පසුගිය කාලවකවානුව තුළ ඉසෙඞ් ස්කෝ ගැටළුවත් සමඟ මතු වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාලවලට නවක සිසුන් ඇතුළත් කරගැනීම තවදුරටත් ප‍්‍රමාද වූ බවයි එස්.බී. දිසානායක මහතා කියා සිටියේ. හොරණ දොඩංගොඩ යුද්ධෝපකරණ පුහුණු පාසලේ පැවැත්වෙන නායකත්ව පුහුණු වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.