2013-03-05

බුදුමග සෙනසුනේ සාමනේර හිමිනමකට ප්‍රහාරයක්


උතුරු කළුතර මොරගහකන්ද බුදු මඟ සෙනසුනට ඊයේ (04) අලුයම කඩා වැදුණු පිරිසක් එම සෙනසුනේ වැඩසිටි 15 හැවිරිදි හිමිනමකට පහරදී පලාගොස් තිබෙනවා. පහර කෑමට ලක්වූ සාමණේර හිමි නම නාගොඩ රෝහලට ඇතුළත් කොට ඇත.
සාමණේර හිමිනමට මෙසේ පහරදී ඇත්තේ එම සෙනසුනෙහි වැඩ විසූ ප්‍රධාන හිමිනම සොයා ගැනීමට නොහැකිවූ අවස්ථාවේදීය. විහාරස්ථානයේ ක්‍රියාත්මක සිංහල ජාතික රාවය බළසේනාව නමැති වැඩපිළිවෙළ නවත්වන ලෙසට තර්ජනය කරමින් එම පිරිස එහි වැඩ වසන නායක හිමියන් සොයා පැමිණ ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. අලුයම 3.30ට පමණ වාහනයකින් පැමිණ ඇතැයි කියන මේ පිරිස සාමණේර හිමිනමට පහරදී පලාගොස් ඇති බව පොලිසිය පැවැසීය. පලාගිය එම සැකකරුවන් සෙවීම සඳහා උතුරු කළුතර පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ. 
උපුටා ගැනීම - මව්බිම පුවත්පත

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.