නිවාසාන්තර ක්‍රීඩා උළෙලක මීටර් 5000 ධාවන තරගයක නිරතවෙමින් සිටිය දී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වූ සිදුවීමක් රහල නැගෙනහිර අරණායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මාවතගම රිවිසඳ මධ්‍ය විදුහලේ සිසුවියක වන ඩබ්ලිව්.ටී.ජී. හෂිනි අනුෂා කුමාරි (18) නමැති ශිෂ්‍යාව පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ධාවන තරගයට සහභාගී වී ප්‍රථම රවුම දිව යමින් සිටියදී සිහිසුන්ව ඇද වැටී ඇති අතර සිසුවිය මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
හෂිනි කුමාරි ශිෂ්‍යාව වානිජ විෂය ධාරාව යටතේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අතර සාමාජිකයන් පහකින් යුතු පවුලක එකම දියණිය වනවා.
ඇයගේ පියා පෙදරේරුවෙකු වන අතර මව ගෘහණියක වේ. හෂිනි ශිෂ්‍යාවට සොයුරන් දෙදෙනෙක් ද සිටිනවා. සිසුවියගේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් මේ වන විට වැඩි දුර පරික්ෂණ පැවැත්වෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.