ලෙබනනයේ ගෘහ සේවයට ගිය ශ්රී ලාංකික කාන්තාවකගේ දෑත්, දෙපා සහ හිස කදින් කැබැලි හයකට වෙන් කර ගෝනියක දැමූ මළ සිරුරක් අශ්රෆියා නගරයේ කුණු බක්කියක තිබී බාබරා පොලීසියට හමුව ඇති බව Gossipfrist වෙබ් අඩවිය වාර්තා කරනවා.
එම වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට සිද්ධිය පහත ආකාරයෙන් වේ.
ප්රදේශයේ වෙසෙන ශ්රී ලාංකික පිරිසක් විසින් සිද්ධිය බාබරා පොලීසියට දැනුම්දෙනු ලැබීමෙන් පසු එසේ සොයා ගත් මළ සිරුර දැනට ප්රදේශයේ සෙන් ජෝන්ස් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි නොනිල ආරංචිවලින් පැවසෙනවා.
මරණයට පත්ව ඇත්තේ හලාවත මහවැව තොඩුවාවේ පදිංචි 32 හැවිරිදි දිලීකා පෙරේරා නමැති අවිවාහක කාන්තාවකි. ඔවුන් ප්රකාශ කර ඇති අන්දමට තොරතුරු මෙසේය.
තොඩුවාවේ පදිංචිව සිටි දිලීකා පෙරේරා මීට වසර නවයකට පෙර ලෙබනනයේ ගෘහ සේවිකාවක වශයෙන් ගොස් තිබේ. ඇය එසේ ගොස් ඇත්තේ ලෙබනනයේ බීරූට් අගනුවරින් කිලෝ මීටර් තුනක් පමණ දුරින් පිහිටි ඩවුරා නගරයේ නිවසකටයි.
ඇය නිවෙස් කිහිපයකද කාර්යාලයකද රැකියා කර ඇත. ඇය එරටදී සල්ලි පොලියට දුන් බවද ඇය නැවතී ඇත්තේ තවත් තරුණියන් හය දෙනෙකු සමග කුළියට ගත් කාමරයක බවද කියති. පසුගිය 2 වැනි සෙනසුරාදා රාත්රී ඇය තම පවුලේ ඥාතීන්ට දුරකථනයෙන් කතා කර ඇති බවද පසුව ලෙබනනයේ අයෙකු සමග කතා කළ බවද කියති.
පසුදා (3දා) උදේ ඇය ඩවුරා නගරයේ සිට තවත් කිලෝ මීටර් තුනක් දුරින් පිහිටි අශ්රෆියා නගරයට ගොස් ඇත. එසේ ගිය පසු ඇය ගැන කිසිදු තොරතුරක් ලැබී නැත. අනතුරුව ඇගේ මළ සිරුර 8 වනදා කුණු බක්කියක තිබී හමුව තිබේ.
තොඩුවාවේ පදිංචි ඇගේ පියා පනස් පස් හැවිරිදි පීටර් පෙරේරා මහතා මේ බවද මව පනස් හැවිරිදි මරියා ප්රනාන්දු බවද දැන ගන්නට ඇති අතර දිලීකා දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. ශ්රී ලාංකිකයන් සිද්ධිය දිලීකාගේ පවුලේ ඥාතීන්ට දැනුම්දීමෙන් පසුව සිද්ධිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයට 122/1303 යතේ හා ලිපි ගොනු අංක 1381 යටතේ පැමිණිලි කර ඇති බව දැන ගන්නට තිබේ.
උපුටා ගැනීම ගොසිප්ෆ්රස්ට්
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.