අනවසරයෙන් ගෙන්වූ ස්ප්‍රීතු බැරල් 310ක් සුරාබදු නිලධාරීන් විසින් කොළඹ වරාය රේගු අංගනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස සිය භාරයට ගත් එක් බැරලයක ලීටර් 200ක් බැගින් අඩංගුව ඇති බවත් සුරාබදු නිලධාරීන් පවසනවා. මෙලෙස සිය භාරයට ගන්නා ලද්දේ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන එතනෝල් තොගයක් බවද සුරාබදු නිලධාරීන් අවධාරණය කරනවා. ඔවුන් පවසන්නේ මෙම එතනෝල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 4ක් පමණ වන බවයි. මෙම එතනෝල් තොගය කන්ටේනර් දෙකක අසුරා තිබී තිබෙනවා. යම් ආකාරයකින් එම එතනෝල් තොගය භාවිත කරමින් මද්‍යසාර නිෂ්පාදනය කළේ නම් මත්පැන් බෝතල් ලක්ෂ දෙකකට වඩා නිෂ්පාදනය කිරීමට හැකියාව තිබූ බවද සුරාබදු නිලධාරීන් පවසනවා.
රජයට සම්බන්ධ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙක් මෙම ස්ප්‍රීතු තොගය ගෙනෙන්නට මූලික වන්නට ඇතැයි රේගු හා සුරාබදු ආරංචි පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.