අද පෙරවරු 11.00ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටිමින් කොළඹ මහනගර සභාවේ හිටපු මන්ත‍්‍රී අසාද් සාලි මහතාට දැනුම්දීමක් සිදුකර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ඊයේ පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි තම නිවසට පැමිණි අපරාධ කොට්ඨාස නිලධාරින් ඒ පිළිබඳ දැනුම් දුන් බවයි. කුමන කරුණක් මත මෙම කැඳවීම සිදුකර ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ. ඒ පිළිබඳව සොයාබලන ලෙස තමන් නීතිඥවරුන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යැවූ බවයි අසාද් සාලි මහතා කියා සිටියේ.
2013-03-22
කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අසාද් සාලිට හදිසි කැඳවීමක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.