2013-04-06

රුපියල් ලක්ෂ 40ක රන් ආභරණ කොල්ලකෑ එම ආයතනයේම සේවකයෙක් සහ සේවිකාවන් දෙදෙනෙක් අත්අඩංගුවට


කඩුගන්නාව දන්තුරේ ප‍්‍රදේශයේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක රුපියල් ලක්ෂ 40කට අධිකව රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම උකස් මධ්‍යස්ථානයේ සේවය කළ සේවකයෙකු හා සේවිකාවන් දෙදෙනෙක්. අදාළ රන් භාණ්ඩ නාදුනන පුද්ගලයන් තිදෙනෙකු ගිනි අවි පෙන්වා පැහැරගත් බවට ඔවුන් තිදෙනා කඩුගන්නාව පොලීසියට පැමිණිලි කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ පොලීසිය සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ පැමිණිලිකරුවන්ම බව තහවුරු කරගැනීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. ප‍්‍රශ්න කිරීම්වලදී කොල්ලකෑ බව කියූ රන් භාණ්ඩ සොයා ගත් බවද කඩුගන්නාව පොලීසිය පැවසුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.