2013-04-08

බ්‍රිතාන්‍යයේ පළමු සහ එක අගමැතිනිය හෙවත් යකඩ ගැහැනිය දිවියෙන් සමුගනියි


යකඩ ගැහැණිය ලෙස විරුදාවලියලත් බි‍්‍රතාන්‍යයේ පළමු මෙන්ම මේතාක් බිහිවු එකම අග‍්‍රාමාත්‍යවරිය වු මාග‍්‍රට් තැචර් මහත්මිය අද මිය ගියා. BBC ප‍්‍රවෘත්ති සේවය පැවසුවේ හදිසි ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය මිය ගිය බවයි. තැචර් මහත්මිය මියයන විට 87 වැනි වියේ පසුවුණා. ඇය 1979 වසරේ සිට 1990 දක්වා බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය පදවිය හෙබවුවා. කන්සර්වේටිව් පක්‍ෂය නියෝජනය කළ ඇය 1975 දී එහි නායකත්වයට පත්වුණා. ඉන් අනතුරුව 1979, 1983 සහ 1987 යන වසරවල පැවති මහමැතිවරණ ජයග‍්‍රහණය කරමින් බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍යධුරය දැරුවා. තැචර් පාලන සමයේදී රජය සතු කර්මාන්ත රැසක් පුද්ගලීකරණය කිරීම කැපී පෙනුණා. 
අභාවය පිළිබඳ දැනගත් බි‍්‍රතාන්‍යයේ වත්මන් අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පැවසුවේ මාග‍්‍රට් තැචර් මහත්මිය බි‍්‍රතාන්‍යයේ විශිෂ්ඨතම කාන්තාවක බවයි. මෙය ඉතා කණගාටුදායක අවස්ථාවක් බවද අග‍්‍රාමාත්‍යවරයා සිය Twitter ගිණුමේ සඳහන් කර තිබෙනවා. 
මේ අතර බකින්හැම් මාලිගයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ තැචර් මහත්මියගේ අභාවය සැලවිමෙන් එලිසබෙත් මහරැජිණ ද දැඩි කණගාටුවට පත්වු බවයි. 
දස ලක්‍ෂ ගණනක බි‍්‍රතාන්‍ය ජාතිකයින් සහ ලොව පුරා විසිරි සිටින්නන් නිදහස සහ ගුණාත්මක ජිවිතයක් ලබාදීම වෙනුවෙන් හිටපු අග‍්‍රාමාත්‍යවරියට ගෞරව පුද කරනු ඇතැයි කන්සර්වේටිව් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙකු වන ඩේවිස් ඩෙවිස් පැවසුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.