2013-04-08

ආරක්ෂක ලේකම් කූරගලට - පොලිස්පතිත් යයි


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යනු රටේ සියලූම ආගම්වලට අයත් ආයතනයක් යැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලන්ගොඩ කූරගල පුරාවිද්‍යා කලාපයේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වෙමින් පැවසුවා. කූරගල පුරාවිද්‍යා කලාපයේ අනවසර ඉදිකිරීම් හතරක් පුරාවිද්‍යා අඥා පතනට අනුව ඉවත් කර තිබෙනවා. 
පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද, මැදගොඩ ධම්මානන්ද, වටද්දර ඥානිස්සර යන නාහිමිවරුද කූරගල මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයද මෙම අවස්ථාවට එක්වී සිටියා.
ආරක්‍ෂක ලේකම්වරයා පැය දෙකක් පමණි කූරගල සිටියේය. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාද මේ නිරීක්‍ෂණ චාරිකාවට එක් වුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.