2011-12-22

කෘත්‍යාධිකාරී මණ්ඩලය අනවබෝධයෙන් ගත් තීරණයක්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ප‍්‍රතික්‍ෂෙප වුණේ කරු ජයසූරිය මහතා නොව ජාතික බෞද්ධ බලවේගය බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර මහතා පවසනවා. එලෙස ජාතික බලවේග ප‍්‍රතික්‍ෂෙප කරන දේශපාලන පක්ෂයක අනාගතය සැක සහිත බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්තී‍්‍රවරයා පැවසුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනවබෝධයෙන් මෙම තීරණය ගත් බවයි. එහි ඇතැම් සාමාජිකයින් ඡන්ද විමසීම දිනයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කරනු ලැබූවන්. එබැවින් කරු ජයසූරිය මහතා පත් නොවීම ඒ මහතාගේ නොව පක්ෂයේ අනාගතය අභියෝගයට ලක්වීමක් බව දයාසිරි ජයසේකර මහතා කියා සිටියා.
කරු ජයසූරිය මහතා වරක් ආණ්ඩුවට එක්වූ බැවින් ඔහු නායකත්වයට සුදුසුදැයි රනිල් වික‍්‍රමසිංහ මහතාට හිතවත් ඇතැමුන් ප‍්‍රශ්න කළා. එය සාධාරණ ප‍්‍රශ්න කිරීමක් නොවන බවයි දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා පෙන්වා දෙන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.