2013-05-22

ගාන්ධිතුමාගේ සෙරෙප්පු කූට්ටමට පවුම් 19000ක ලංසුවක්

ඉන්දියානු ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ මහත්මා ගාන්ධි තුමන් ගුජරාටි භාෂාවෙන් ලියන ලද පිටු දෙකකින් යුක්ත අන්තිම කැමැත්ත සහ ඔහු විසින් පරිහරණය කරන ලද සෙරෙප්පු කූට්ටමක් ඇතුළු සමරු භාණ්ඩ වෙන්දේසියක් එංගලන්තයේ ලුඩ්ලෝහිදී පැවැත්වුණු බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කරනවා. මෙම අන්තිම කැමති පත්‍රය වෙන්දේසි කිරීමේ මූලික මිල පවුම් 30,000 ත් 40,000 ත් අතර වූ බවත් සෙරෙප්පු කූට්ටම පවුම් 19,000 කට අලෙවිකළ බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.
සෙරෙප්පු කූට්ටම අලෙවි කිරීමට මූලික මිල ලෙස දක්වා තිබුණේ පවුම් 10,000 කට බවද බී.බී.සී. පුවත් සේවය වාර්තා කරනවා. මෙම වෙන්දේසියට ගාන්ධි තුමන්ගේ ෂෝල් ඇතුළු තවත් භාණ්ඩ රැසක් එක්කර තිබුණු බවද වැඩිදුරටත් වාර්තා වනවා. 








No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.