උඩවලව පොලිසියේ සැරයන්වරයකුගේ හා සබරගමු සමන් දේවාලයේ පූජාවකට යමින් සිටි අයකුගේ එක සමාන ගමන්මලු මාරුවීම නිසා පොලිස් සැරයන් ගොඩකවෙල පොලිසිය අත්අඩංගුවට පත්ව තිබෙනවා. හම්බන්තොට වවුනියාව බසයෙන් යන්නට ආ මේ දෙදෙනාගේ බෑග් මාරුවී ඇත්තේ බස් නැවතුමේදීයි. සැරයන් ගොඩකවෙල පොලිසියට දුරකථන ඇමතුමකින් කියා ඇත්තේ තම බෑගය බසයේ මගියකුගේ බෑගයට මාරුවී ඇති බවයි. පොලිසිය ඒ බසය ගොඩකවෙලදී නවත්වා බෑගය පරීක්ෂා කර තිබෙනවා. එහි තිබී ගංජා කිලෝ 5ක් සොයාගෙන තිබෙනවා. බෑගය රැගෙන යාමට ආ සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මාරු වී සැරයන් ළඟ තිබූ බෑගයේ වුයේ පූජාවට ගෙනා පළතුරුය.
2013-05-22
බෑග් මාරුවෙන් උඩවලව පොලීසියේ සැරයන් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.