2013-05-31

මන්තී‍්‍ර ජයලත් ජයවර්ධනගේ දේහය දිවයිනට

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා රාත‍්‍රියේ අභාවප‍්‍රාප්ත වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ දේහය අද අලූයම දිවයිනට රැගෙන ආවා. අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ සිංගප්පූරුවේ සිට අලූයම 2.00ට පමණ ජයලත් ජයවර්ධන මහතාගේ දේහය දිවයිනට රැගෙන ආ බවයි. දේහය භාරගැනීම සඳහා ඒ මහතාගේ පවුලේ ඥාතීන් පිරිසක් ද ගුවන්තොටුපොළට පැමිණ සිටියා. ජයලත් ජයවර්ධන මහතාගේ දේහය මේ වන විට පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා. එය උදෑසන 10.00 පමණ වන විට වැලිගම්පිටිය ජා-ඇල පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන යාමට නියමිතයි. අවසන් කටයුතු ලබන සඳුදා පස්වරුවේ වැලිගම්පිටිය දේවස්ථාන සුසාන භූමියේදී සිදුකෙරුණු ඇති. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.