2013-12-03

දකුණු පළාත් ඇමැති ගායක සමන් ද සිල්වාට වැඩ පෙන්වයි

බොරැල්ල බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනයක්‌ අතරතුරේ තමාට පහරදුන් දකුණු පළාත් සභා අමාත්‍ය බිංදු වීරසිංහ මහතා අත්අඩංගුවට ගෙන සාධාරණ පරීක්‌ෂණයක්‌ පොලිස්‌පතිවරයා විසින් පවත්වනු ඇතැයි විශ්වාස කරන බව ප්‍රවීණ ගායක සමන් ද සිල්වා මහතා පවසනවා. මෙහිදී ගායක සමන්ද සිල්වා මහතා මෙසේද කීය.
"දකුණු පළාත් සභා ඇමැතිතුමා මගේ ඔළුවට පහර දුනනා. මම මේ ගැන බොරැල්ල පොලිසියට පැමිණිලි කරලයි තිබෙන්නේ. මට මේ සිදුවූ පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්‌ෂණයක්‌ පොලිස්‌පතිතුමා සිදුකරයි කියලා මා හිතනවා. මම මේ ගැන ජනාධිපතිතුමා දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. 
කලාකරුවන්ට වන මෙවැනි හිරිහැර ජනාධිපතිතුමා කිසිසේත් අනුමත කරන එකක්‌ නැහැ. මට පහරදුන් මේ ඇමැතිවරයා අත්අඩංගුවට ගන්නේ නැත්නම් මගේ සහෝදර සියලුම කලාකරුවන් උද්ඝෝෂණයක්‌ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට කරන්න සුදානමින් ඉන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.