2013-05-31

කෘතිම අත නොමැතිව අචලා කණස්සල්ලෙන්

පොරොන්දු වු පරිදි ලබාදෙන බව පැවසු කෘතිම අත, මෙතෙක් නොලැබීම හේතුවෙන් තමා දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි කොළඹ නීති පීඨයේ ඉගෙනුම ලබන අචලා පි‍්‍රයදර්ශනි පවසනවා. ඇය කියා සිටියේ මේ හේතුවෙන් අධ්‍යයන කටයුතු ඉදිරියට කරගෙන යාමට පවා ගැටලූ මතුව ඇති බවයි. තමා රෝගී වු අවස්ථාවේ බොහෝ පිරිසක් තමන්ට කෘතිම අතක් ලබාදෙන බවට පොරොන්දු වුවද ඒවා අද වන විට පොරොන්දුවලට පමණක් සීමාවී ඇතැයි අචලා පැවසුවා. 


ඉකුත් ජනවාරි 17 වැනිදා සිය නිවසේ පඩිපෙලින් ඇද වැටී වම් අතේ අස්ථී බිඳිමකට ලක්වු ඇය ප‍්‍රතිකාර සඳහා පළමුවරට ඇතුලත් කළේ මාතර මහරෝහලටයි. බිඳුණු අස්ථි යළි සවි කිරීමට යෙදු ප්ලාස්ටරය නිසි පරිදි නොදැමීම හේතුවෙන් ඇගේ අතේ ස්නායු අක‍්‍රිය වුණා. පසුව අචලාගේ වම් අත ඉවත් කෙරුණේ කොළඹ ජාතික රෝහලේ දී කෙරුණු සැත්කමකින් පසුවයි. මෙම සිද්ධියෙන් මාස 05කට පමණ පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු අචලා ප‍්‍රියදර්ශනි පැවසුවේ තමන්ට කිසිඳු 

අචලා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන අවස්ථාවේ ඇයට විද්‍යුත් අතක් සවි කිරිමට අවශ්‍ය මුදල් ලබාදීමට රජය මෙන්ම වෙනත් ආයතන සහ පුද්ගලයින් එකඟතාව පළකර තිබු බවට මාධ්‍ය වාර්තා පළ වුණා. උසස් අධ්‍යාපන අමාත්‍යංශය  ද ප‍්‍රකාශ කර තිබුණේ අචලා ප‍්‍රියදර්ශනිට කෘතිම අතක් ලබාදීමට මෙන්ම ඇගේ දෙමව්පියන්ට විශේෂ සහන සැලසීමට ද තීරණය වී ඇති බවයි. කෙසේවෙතත් මෙතෙක් කිසිඳු පුද්ගලයෙකු තමන්ට පිහිට නොවු බවයි අචලා ප‍්‍රියදර්ශනි කියා සිටියේ. 
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලිම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුවේ වාර්තාව ඉකුත් පෙබරවාරි 12 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දුන්නා. එම වාර්තාවේ සඳහන් වුයේ මාතර රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුගේ නොසැලකිල්ල අචලාගේ අත කපා දැමීමට හේතුවු බවයි. 
ඒ අනුව මාතර මහරෝහලේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකුට චෝදනා පත‍්‍ර ද භාරදුන්නා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.