2013-09-27

ෆොන්සේකාගේ පක්ෂයේ දෙන්නෙකුට පක්ෂයෙන්ම තර්ජන - කුණ්ඩසාල් ආසන සංවිධායකට තාවකාලික තහනමක්

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්   මහනුවර දිස්ත්‍රික්කයට තරග කර පරාජය වු රංජන් විජේරත්න හා එස්.බී. දිසානායක මහත්වරුන්ට දුරකතනයෙන්  තර්ජනය කර ඇතැයි නාවලපිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. තම  පක්ෂයේම කෙනෙකුගේ ආධාරකැරුවන් මෙසේ තර්ජනය කරන බවයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ. 
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උපවාසයක නිරත වූ එම පක්ෂයේ කුණ්ඩසාලයේ ආසන සංවිධායක හේරත් බණ්ඩා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ආසන සංවිධිධායක ධුරය තාවකාලිකව ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ලේකම් සංජීව සමරසිංහ මහතා පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.