ත්‍රීකුණාමලය පුල්මුඩේ පොලිස් වසමට අයත් මරදන්කුලම කුඹුරු යායේ වගා ළිඳකට වැටී සිටි අලියෙකු ගොඩගත් බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. පුල්මුඩේ පොලීසිය කළ දැනුම්දීමක් අනුම එහි ගිය වනජීවි කණ්ඩායම පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙම මෙහෙයුම දියත් කෙරුණා. වනජීවි අඩවි සහකාර ඩබ්.එම්.එස්.එස්. වීරකෝන් මහතා පැවසුවේ බැකෝ යන්ත්‍රයකින් ළිඳ කපා අලියාට ගොඩට ඒමට සැලැස්වූ බවයි. පසුව අලි වෙඩි යොදා රක්ෂිතයට පලවා හැරීමට වනජීවි නිලධාරීන් කටයුතු කර තිබෙනවා. දින දෙකකට ආසන්න කාලයක් මෙලෙස මෙම අලියා ළිඳ තුළ සිටින්නට ඇතැයි වනජීවි නිලධාරීන් අනුමාන කරනවා.
2013-09-27
අලියා ගොඩ ගන්න වනජීවි පොලිස් හා යුද හමුදා මෙහෙයුමක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.