2012-12-24

සාමාන්‍ය පෙළ පිටවු ප‍්‍රශ්න වෙනුවෙන් ලකුණු නොමිලේ


අධ්‍යයන පොදු සහතික ප‍්‍රශ්න සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයෙහි කලින් පිටවු ප‍්‍රශ්න වෙනුවෙන් සියලූ සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය් අවධානය යොමුව තිබෙනවා. අලූත් ප‍්‍ර‍්‍රශ්න පත‍්‍රයක් සකස් කර විභාගය නැවති පැවැත්වීම පරිපාලන වශයෙන් දුෂ්කර මෙන්ම සිසුන්ට ද පීඩාවක් වීම ඊට හේතුවයි. ප‍්‍රධාන විභාගයකට සතියකට පෙර සියලූ උපකාරක පන්ති සහ දේශන නවතා දැමීම සඳහා නව නීතියක් පැනවීමට ද අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර උත්සහ කළා. එම උත්සහය ව්‍යාර්ථ වුයේ පාර්ශ්ව කිහිපයකින් ඉදිරිපත් වු විරෝධතා නිසයි. එහෙත් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න පිටවීඹ පාදක කර ගනිමින් එකී නිතිය නැවත පැනවීමට අධ්‍යාපන අමාත්‍යංශය සුදානම් වනවා. 
මේ අතර ප‍්‍රශ්න කලින් පිටවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින උපකාරක පන්ති ගුරුවරයා සම්පත් අත්තටගේ මහතායි. අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කෙරුණු ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු එම චෝදනා පිළිගෙන ඇතැයි පොලිස් ආරංචි පවසනවා. කෙසේ වෙතත් ප‍්‍රශ්න තමන් වෙත ලැබුණේ කෙසේ දැයි ඔහු තවමත් හෙලි කර නැහැ. ඔහු සහ ඔහුගේ සහයකවෙකු ලබන 28 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාල සේවකයෙක් සහ තවත් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් ආරංචි පවසන්නේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.