2013-05-22

අසභ්‍ය චිත‍්‍රපටි වල රඟපාන්න මං බය නෑ - විද්‍යා


අසභ්‍ය චිත‍්‍රපටි වල රඟපාන නිළියක් ලෙස හංවඩු වීම පිළිබඳව තමා බිය නොවන බව සුපිරි බොලිවුඞ් නිළි විද්‍යා බාලන් පවසනවා. දකුණු ඉන්දියවේ සරාගීත්වයේ සංකේතයක් ලෙස සැලකුනු විජේලක්‍ෂ්මී හෙවත් සිල්ක් ස්මිතා ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ ඩර්ටි පික්චර් චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය වන ස්මිතාගේ චරිතය විද්‍යා විසින් එහිදී නිරූපනය කරනු ලැබුවා. 
මෙම චරිතය රඟපෑමෙන් අසභ්‍ය චිත‍්‍රපටි වල රඟපාන නිළියක් ලෙස තමා හංවඩු නොගැසෙන බව පවසන ඇය එසේ වුවද තමා ඊට බිය නොවන බව පවසනවා. 
තමා සිල්ක් ස්මිතා ගේ චරිතයට පණපොවන නිළියක් බවත් මෙම චරිතය මගින් සිය රංගන කුසලාතවයන් ගේ නව පැතිකඩක් ‍පෙන්වන බවත් වාර්තා වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.