2013-05-24

කුට්ටිගල ගෑස් කාන්දුවකින් හතරක් රෝහලට


කුට්ටිගල,තුංකම ප්‍රදේශයේ ආපන ශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙදෙකු පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.
ආපන ශාලාවේ භාවිත කරන ගෑස් සිලින්ඩරයක ඇතිවූ ගෑස් කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසනවා.
කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා ඔවුන් ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කුට්ටිගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.