2013-05-22

මේනක රාජපක්ෂ මොන්ටිසෝරි යන්නේ ඇයි?


මේනක රජපක්ෂට සිය ප්‍රථම විවාහයේ සිගිති දියණියක සිටියා. මේ වනවිට මේනක රංගන ශිල්පිනියක් වූ නෙහාරා සමග විවාහ වන්නට යන බව රහසක් නොවේ. මේ දෙදෙනාගේ විවාහය ඉක්මණින් සිදුවන බව පසුගිය කාලයේ විවිධ මාධ්‍ය  තුළ පළවී තිබිණ. මේනක නෙහාරාටත්, නෙහාරා මේනකටත් දැඩි ලෙස පෙම් කරණ බව දෙදෙනාගේම මාධ්‍ය  සාකච්ජා වලින් දැක ගන්නට හැකිවිය. 
මෙවන් ප්‍රේමණීය සම්බන්ධයක් තිබියදීත් මේනක බොහෝ විට උදේටත් දවල්ටත් මොන්ටිසෝරි යන කතාවක් දැන ගන්නට ලැබුණා. මේ බව මේනක එක්තරා රූප වාහිනී වැඩ සටහනකදීද පිලිගත්තේ නෙහාරා ද අසළ සිටියදීයි.
''මොන්ටිසෝරි යන ළමයෙක් ගේන්න නෙමෙයි මම යන්නේ. ඒ පිලිබඳ අධ්‍යාපනය හදාරණ නෙහාරව ගිහින් දාන්නයි ගේන්නයි මම යන්නෙ. නෙහාරා මේ දිනවල මොන්ටිසෝරි පාඨමාලාවක් හදාරණවා.''
නෙහාරා මෝටිසෝරි යන පොඩි ළමයෙක් සේ බවද මේනක පැවසුවා. මේනක නොහාරාට බොහෝ සේ ආදරය කරණ බවත්. නොහරද තමන්ට බොහෝ සේ ආදරය කරණ බවත් මේනක පැවසුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.